AFC Banner
Empty Ad
Empty Ad

සම්පන්දන්ගෙන් හිස් වූ අසුනෙහි ෂන්මුගම් දිවුරුම් දෙයි (ඡායාරූප)

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස අද (09) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසන්නේ.

කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ දී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක රාජවරෝදයම් සම්පන්දන්ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පත් කරනු ලැබුවා.

ෂන්මුගම් කුහදාසන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

ඒ මහතා 1975 වර්ෂයේ සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 වර්ෂයේ සිට එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායකයා වශයෙන් ද කටයුතු කරන අයෙක්.

ඔහු ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධීකාරක වශයෙන් ද කටයුතු කර කරනවා.

aae13b95 6be5 4237 8721 fffdfb4575a2
c71d3f31 90a2 4135 a97d 6e12065ef31a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?