සම්පන්දන්ගෙන් හිස් වූ අසුනෙහි ෂන්මුගම් දිවුරුම් දෙයි (ඡායාරූප)

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස අද (09) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසන්නේ.

කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ දී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක රාජවරෝදයම් සම්පන්දන්ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පත් කරනු ලැබුවා.

ෂන්මුගම් කුහදාසන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

ඒ මහතා 1975 වර්ෂයේ සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 වර්ෂයේ සිට එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායකයා වශයෙන් ද කටයුතු කරන අයෙක්.

ඔහු ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධීකාරක වශයෙන් ද කටයුතු කර කරනවා.

aae13b95 6be5 4237 8721 fffdfb4575a2
c71d3f31 90a2 4135 a97d 6e12065ef31a


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30