AFC Banner
Empty Ad
Empty Ad

අරගලකරුවෝ කොළඹ එද්දී කෝච්චිය පීලි පනියි

පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

අද (09) පෙරවරු 9.35ට මරදාන බලා ධාවනය වූ 16345 දරණ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර අද දිනයේ දී අරගලකරුවන් ගාල්ලේ සිට කොළඹ දක්වා සැමරුම් පෙළපාලියක් දුම්රියකින් ඒමට පිටත් ව ඇති අතර දුම්රිය පීලි පැනීම නිසා ද එම පැමිණීම අර්බුදයකට ලක් ව ඇති බවත් වාර්තා වනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවා අදට වසර 02ක් වීම හේතුවෙන් අරගලකරුවන් එය සැමරීමටයි දුම්රියෙන් කොළඹට පැමිණීමට නියමිත ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?