AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම 17 වනදායින් පසු

එළඹෙන 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජුලි 17 වනදායින් පසු කොමිෂන් සභාවට හිමිවන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර කාලය තුළ පවත්වන බවට මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණු අතර, කොමිෂන් සභාව රැස් වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?