AFC Banner
Empty Ad
Empty Ad

රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර ඊයේ (06) රාත්‍රියේ පැවැත් වුණා.

මේ අතර තුර පෙරහරට සහභාගීකර සිටි අලියෙක් කුලප්පුවීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම අලියා කුලප්පුවීමත් සමඟ පෙරහරේ සිටි තවත් අලි ඇතුන් 06 දෙනෙක් ද කුලප්පු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ අසළ සිටි පිරිස් කලබලයට පත්ව ඒ මේ අත දිවයාමත් සමඟ කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර, එලෙස රෝහල් ගතකළ අය අතර පෙරහරේ නර්තනයේ යෙදුනු සිව්දෙනෙක් සහ පෙරහර නැරඹීමට පැමිණ සිටි බැතිමතුන් 08 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
7
+1
1
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?