AFC Banner
Empty Ad
Empty Ad

දෙවැනි සැමියා අතින් 29 හැවිරිදි කාන්තාව නොඑන ගමන් ගිහින්

යාපනය, කොළොම්බුතූර් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (06) ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසු වූ පුදුකුඩුඉරිප්පු, උඩයාර්ක්ට්ටු ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ මෙම කාන්තාවගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 34 හැවිරිදි සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?