AFC Banner
Empty Ad
Empty Ad

ඉරානයේ ජනපති තනතුරට හෘද ශල්‍ය වෛද්‍යවරයෙක්

මැසූඩ් පෙසෙෂ්කියන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලිලි පරාජය කරමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ගණන් කරන ලද මිලියන 30 කට වඩා වැඩි ඡන්දවලින් 53.3% ක් පෙසෙෂ්කියන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශකර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ සයීඩ් ජලිලි හිමිව ඇත්තේ 44.3% ක ප්‍රතිශතයක්.

ජූනි 28 වැනි දින පැවති මැතිවරණයේ පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.

ඉරානයේ ජනාධිපතිවරණ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පසුගිය මැයි මාසයේ දී හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසුවයි.

හිටපු හෘද ශල්‍ය වෛද්‍යවරයකු වන පෙසෙෂ්කියන් ඉරානයේ කුප්‍රකට සදාචාර පොලිසිය විවේචනය කරන අතර “එක්සත්කම සහ සහජීවනය” මෙන්ම ඉරානය ලෝකයෙන් “හුදකලා වීම” අවසන් කරන බවට පොරොන්දු ලබාදුන් අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?