බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන් රියදුරුට රථය පාලනයකර ගැනීමට නොහැකිව අසල පිහිටි නිවසක හැපී මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.














Ohoma digin diagatama prawahana prasna ethiuwahoth kaatawath hohehawath yanna wenne nehe. Gedaratama wela Inna wei.