කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (04) පැවැත්වුණා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක් ව සිටියා.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපති ලේකම්වරයා කියා සිටියේ; පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම ලබා ගැනීමට තරුණ ප්‍රජාව දක්වන උනන්දුව පිළිබඳ සතුටු වන බවයි.
දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේ දී උගත්කම මෙන් ම මනා දේශපාලනික අවබෝධයකින් සිටීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අනාගත පරපුර අධිෂ්ඨාන කරගත යුතු බවයි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු ව්‍යාපෘතියට අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පළමු පාසල කෑගලු විද්‍යාලය බව ඇය වැඩිදුරටත් සිහිපත් කළා.
දේශපාලන දැනුමැති ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව දැනුම සියලු දෙනා සමඟ බෙදා ගන්නා ලෙස රෝහණදීර මහත්මිය සියලු ම තරුණ සිසු දරුවන්ට මෙහිදී විශේෂ ආරාධනාවක් ද සිදු කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කළේ.