ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අන්තර්ජාලය හරහා එක් වූ පළමු පාසල කෑගලු විද්‍යාලයයි (ඡායාරූප)

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (04) පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක් ව සිටියා.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපති ලේකම්වරයා කියා සිටියේ; පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම ලබා ගැනීමට තරුණ ප්‍රජාව දක්වන උනන්දුව පිළිබඳ සතුටු වන බවයි.

දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේ දී උගත්කම මෙන් ම මනා දේශපාලනික අවබෝධයකින් සිටීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සි‍ටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අනාගත පරපුර අධිෂ්ඨාන කරගත යුතු බවයි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු ව්‍යාපෘතියට අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පළමු පාසල කෑගලු විද්‍යාලය බව ඇය වැඩිදුරටත් සිහිපත් කළා.

දේශපාලන දැනුමැති ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව දැනුම සියලු දෙනා සමඟ බෙදා ගන්නා ලෙස රෝහණදීර මහත්මිය සියලු ම තරුණ සිසු දරුවන්ට මෙහිදී විශේෂ ආරාධනාවක් ද සිදු කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කළේ.

Kegalu Vidyalaya 20240704 29
Kegalu Vidyalaya 20240704 27
Kegalu Vidyalaya 20240704 26
Kegalu Vidyalaya 20240704 25
Kegalu Vidyalaya 20240704 24
Kegalu Vidyalaya 20240704 23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30