AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න ධම්මික පෙරේරා සූදානමින් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිලවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි.

මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවයි ඔහු මෙහිදී පැවසුවේ.

“මම පක්‍ෂයේ තීරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය වැඩකටයුතුවල මම නිරත වෙනවා. ඊට අමතරව ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලට මම කටයුතු කරනවා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයෙන් බලය ලබාගැනීමට තරග කරන සියලුම දේශපාලනඥයන් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නොමැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?