AFC Banner
Empty Ad
Empty Ad

මාදම්පේ බස්රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළට

ඊයේ (04) උදෑසන 6.30ට පමණ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අද (05) පෙරවරුවේ ද තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස අද උදෑසන මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල පදිංචි එච්.පී.එස්. ප්‍රියශාන්ත සහ කාක්කපල්ලිය – පම්මබල පදිංචිකාරියක් වන චන්ද්‍ර විජේරත්න නමැති 70 හැවිරිදි වියෙහි පසුවන අය බවයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත – කොළඹ බස් රථයක් ලොරි රථයක ගැටුණු අතර; එම අනතුරින් 25 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමටයි පියවර ගැනුණේ.

එලෙස මාරු කර යැවූ තුවාලකරුවන්ගෙන් එක් අයෙකු ඊයේ දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණු අතර එලෙස මියගියේ බස් රථය පැදවූ රියදුරු වන චන්දිම බණ්ඩාර ‍යන අය යි.

ඔහු හල්මිල්ලවැව – කොස්වත්ත පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
14
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?