මාදම්පේ බස්රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළට

ඊයේ (04) උදෑසන 6.30ට පමණ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අද (05) පෙරවරුවේ ද තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස අද උදෑසන මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල පදිංචි එච්.පී.එස්. ප්‍රියශාන්ත සහ කාක්කපල්ලිය – පම්මබල පදිංචිකාරියක් වන චන්ද්‍ර විජේරත්න නමැති 70 හැවිරිදි වියෙහි පසුවන අය බවයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත – කොළඹ බස් රථයක් ලොරි රථයක ගැටුණු අතර; එම අනතුරින් 25 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමටයි පියවර ගැනුණේ.

එලෙස මාරු කර යැවූ තුවාලකරුවන්ගෙන් එක් අයෙකු ඊයේ දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණු අතර එලෙස මියගියේ බස් රථය පැදවූ රියදුරු වන චන්දිම බණ්ඩාර ‍යන අය යි.

ඔහු හල්මිල්ලවැව – කොස්වත්ත පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26