AFC Banner
Empty Ad
Empty Ad

ජැෆ්නා හා ගෝල් අතර තරගය අද

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 06 වැනි තරගය අද (05) රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම තරග 02ක බැගින් ක්‍රීඩා කර ඇති අතර; ගාලු කණ්ඩායම මුහුණ දුන් තරග 02 ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා.

ජැෆ්නා කණ්ඩායම එක් තරගයක් පරාජයට පත් ව සෙසු තරගය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තුන්වැනි ස්ථානයේ යි.

අද තරගයේ දෙපිළේ නායකයින් වශයෙන් පිළිවෙළින් ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ජැෆ්නා වෙනුවෙන් චරිත් අසලංක කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?