ජැෆ්නා හා ගෝල් අතර තරගය අද

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 06 වැනි තරගය අද (05) රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම තරග 02ක බැගින් ක්‍රීඩා කර ඇති අතර; ගාලු කණ්ඩායම මුහුණ දුන් තරග 02 ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා.

ජැෆ්නා කණ්ඩායම එක් තරගයක් පරාජයට පත් ව සෙසු තරගය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තුන්වැනි ස්ථානයේ යි.

අද තරගයේ දෙපිළේ නායකයින් වශයෙන් පිළිවෙළින් ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ජැෆ්නා වෙනුවෙන් චරිත් අසලංක කටයුතු කරනවා.