AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලියේ ශූරයින් දිවයිනට (ඡායාරූප)

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි 02කට සහභාගී වූ ශ්‍රී ලාංකික බාලක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එම තරග ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ආසියානු චෙස් සම්මේලනය මගින් කසකස්තානයේ ඉකුත් 09 වැනි දින සිට 21 වැනි දින දක්වා පැවැත්වූ ආසියානු යොවුන් චෙස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 10 න් පහළ බාළක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ සිසුවා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් ව ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 12 න් පහළ බාලිකා තරග සඳහා සහභාගී වූ ඔෂිනි ගුණවර්ධන සිසුවිය ද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම ශූරයින් රැගත් ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානය අද අලුයම 04.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා එම පදක්කම්ලාභීන්ගේ දෙමාපියන්, එම සිසුන් ඉගෙනුම ලබන පාසැල්වල ගුරු භවතුන් මෙන්ම ජාතික චෙස් සම්මේලනයේ නිලධාරීන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

IMG 20240704 WA0018
IMG 20240704 WA0019
IMG 20240704 WA0016
IMG 20240704 WA0015
IMG 20240704 WA0020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?