ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලියේ ශූරයින් දිවයිනට (ඡායාරූප)

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි 02කට සහභාගී වූ ශ්‍රී ලාංකික බාලක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එම තරග ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ආසියානු චෙස් සම්මේලනය මගින් කසකස්තානයේ ඉකුත් 09 වැනි දින සිට 21 වැනි දින දක්වා පැවැත්වූ ආසියානු යොවුන් චෙස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 10 න් පහළ බාළක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ සිසුවා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් ව ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 12 න් පහළ බාලිකා තරග සඳහා සහභාගී වූ ඔෂිනි ගුණවර්ධන සිසුවිය ද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම ශූරයින් රැගත් ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානය අද අලුයම 04.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා එම පදක්කම්ලාභීන්ගේ දෙමාපියන්, එම සිසුන් ඉගෙනුම ලබන පාසැල්වල ගුරු භවතුන් මෙන්ම ජාතික චෙස් සම්මේලනයේ නිලධාරීන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

IMG 20240704 WA0018
IMG 20240704 WA0019
IMG 20240704 WA0016
IMG 20240704 WA0015
IMG 20240704 WA0020


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56