spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් අවසන් එක්දින තරගය අද – ජයග්‍රහණය තීරණාත්මකයි

වයස අවුරුදු 19න් පහළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත තරගාවලියේ අවසන් මෙන් ම තීරණාත්මක තරගය අද (03) පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ එංගලන්තයේ Hove ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායය යටතේ ලකුණු 65ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර; දෙවැනි තරගයේ ජය එංගලන්ත යොවුන් ක්‍රීඩකයින්ට හිමි වුණ.

ඔවුන් එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 30කින්.

ඒ අනුව මෙම තරගාවලියේ මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තරගාවලියේ තරග 1-1ක් ලෙස ජයගනිමින් සම තත්තවයේ සිටිනවා.

එබැවින් අද තරගය ජය ගැනීම එක්දින තරගාවලි ශූරයින් කවුරුන් දැයි තීරණය කිරීමට වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?