spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ජැෆ්නාවරුන්ට කාසියේ වාසිය හිමිවෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිව්වැනි තරගය තව ස්වල්ප වේලාවකින් (03) ආරම්භ වීමට නියමිත යි.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර යි.

අද තරගයේ කාසියේ වාසියේ ජය ජැෆ්නා නායක චරිත් අසලංක දිනා ගත්තා.

ඒ අනුව අසලංක පළමු ව පන්දු රැකීම තෝරා ගත්තේ සිය ප්‍රතිවාදී දඹුල්ලට ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම පවරමින්.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන දෙවැනි තරගය අද යි.

ඔවුන් පළමු තරගය කැන්ඩි ෆැල්කන්ස් හමුවේ පරාජයට පත් වුණා.

දඹුල්ල කණ්ඩායම ද ගෝල් මාර්වල්ස් කණ්ඩායම හමුවේ සිය පළමු තරගය පරාජයට පත් වුණා.

එබැවින් අද තරගයේ ජයග්‍රහණය මෙම තරගාවලියේ ඉදිරියට යාමට නම් දෙපිළට ම වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?