20-20 ලෝක ශූරයෝ හෙට දිල්ලියට

මව්රටට පැමිණීම පමා වූ පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බ්‍රහස්පතින්දා (හෙට) උදෑසන නවදිල්ලියට ගොඩබසිනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් සහ BCCI ඉහළ නිලධාරීන් ඇතුළු ඉන්දීය කණ්ඩායමට අයත් පුද්ගලයින් 70ක් පමණ පසුගිය දින තුන තුළ බාර්බඩෝස් හි සිර වී සිටියේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායම පසුගිය 29 වනදා අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක ශූරයන් බවට පත් වූ නමුත් බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ඔවුන්ගේ මව්රට බලා පැමිණීම ප්‍රමාද වුණා.

ඒ, අනුව ඉන්දීය ප්‍රේක්ෂකයින්ට සිදු වුණේ ලෝක ශූරයන් පිළිගැනීමට සතියකට වැඩි කාලයක් බලා සිටීමටයි.

මේ අතර කණ්ඩායම රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ ගුවන් යානය, බදාදා අලුයම 3.00ට (බාර්බඩෝස් වේලාවෙන්) පමණ බාබඩෝස් හි ග්‍රැන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබූ බවයි වාර්තා වුණේ.

ඉන්දීය කණ්ඩායම රැගත් ගුවන් යානය බ්‍රිජ්ටවුන්වලින් බදාදා උදෑසන 8.30ට (බාර්බඩෝස් වේලාවෙන්) ඉන්දියාව බලා පිටත්වීමට නියමිත අතර, එය බ්‍රහස්පතින්දා උදෑසන 5.00 පමණ වන විට නවදිල්ලියට ළඟා වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16