Empty Ad
AFC Banner
Empty Ad

රැකියා ස්ථානවල දී කාන්තාව මුහුණදෙන ගැටලු ගැන කාරක සභා අවධානය (ඡායාරූප)

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණදෙන ගැටලු පිළිබඳ ව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිසභාපතිත්වයෙන් පාර්ලිමේන්තුව දී රැස්වූ අවස්ථාවේ දී සාකච්ඡාවට ගැනුණු බවයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් කැඳවා තිබුණු අතර මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නේ මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් කාන්තාවන් වුව ද විධායක ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වන කාන්තාවන් සංඛ්‍යාව සීමිත බවයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් රැක බලාගැනීම සඳහා විධිමත් ආකාරයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නා.

ගෘහ සේවයේ නියුතු වෘත්තිකයන් පිළිබඳ පවතින නීතිමය ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී පැමිණි පාර්ශ්ව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යෙ‍ාමුකොට
අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මැදිහත් වන බවයි කාරක සභාව දැනුම්දුන්නේ.

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ කාන්තාව ව්‍යවසායකයන් ලෙස සවිබලගැන්වීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරන බවයි.

මීට අමතරව කෘත්‍රීම බුද්ධිය රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම මගින් කාන්තා වෘත්තිකයින්ට
සිදුවන බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වුණා.

මෙම සාකච්ඡා කළ සියලු කරුණු සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැමිණි නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

SOC Foreign Employment and Labour 20240619 10
SOC Foreign Employment and Labour 20240619 9
SOC Foreign Employment and Labour 20240619 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?