spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බෙරිල් නිසා පුද්ගලයින් 07 දෙනෙකු මරුට

මේ දිනවල (03) වෙනිසියුලාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට බලධාරීන් පවසන්නේ ‘ බෙරිල්’ ලෙසින් නම් කරන ලද මෙම කුණාටුව වෙනිසියුලානු මුහුදු තීරයට පහර දීමට ඊයේ රාත්‍රියේ සිට පටන් ගැනීමත් සමග මෙම මරණ වාර්තා වී ඇති බවයි.

මෙම මරණ එරට වාර්තා වන අවම ගණන විය හැකි බවත් එය නුදුරේ දී ම වර්ධනය විය හැකි බව ද එරට ආපදා කළමනාකරණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැවසුවේ මියගිය අය අතර සුක්‍රේ ප්‍රාන්තයේ ඊසානදිග නගරයක් වන කුමනාකෝවා හි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බවයි.

වෙනිසියුලාවේ පුද්ගලයින් සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර නිවාස 8,000කට බලපෑම් එල්ල වී ඇති බවත් ඉන් 400ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවත් සඳහන් වනවා.

වෙනිසියුලාව කැරිබියන් හි වින්ඩ්වර්ඩ් දූපත් හරහා බෙරිල් සුළි කුණාටුව රටට ඇතුල් වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?