බෙරිල් නිසා පුද්ගලයින් 07 දෙනෙකු මරුට

මේ දිනවල (03) වෙනිසියුලාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට බලධාරීන් පවසන්නේ ‘ බෙරිල්’ ලෙසින් නම් කරන ලද මෙම කුණාටුව වෙනිසියුලානු මුහුදු තීරයට පහර දීමට ඊයේ රාත්‍රියේ සිට පටන් ගැනීමත් සමග මෙම මරණ වාර්තා වී ඇති බවයි.

මෙම මරණ එරට වාර්තා වන අවම ගණන විය හැකි බවත් එය නුදුරේ දී ම වර්ධනය විය හැකි බව ද එරට ආපදා කළමනාකරණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැවසුවේ මියගිය අය අතර සුක්‍රේ ප්‍රාන්තයේ ඊසානදිග නගරයක් වන කුමනාකෝවා හි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බවයි.

වෙනිසියුලාවේ පුද්ගලයින් සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර නිවාස 8,000කට බලපෑම් එල්ල වී ඇති බවත් ඉන් 400ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවත් සඳහන් වනවා.

වෙනිසියුලාව කැරිබියන් හි වින්ඩ්වර්ඩ් දූපත් හරහා බෙරිල් සුළි කුණාටුව රටට ඇතුල් වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40