රුපියල් ලක්ෂ 04ක් පමණ වන කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) දින කදාන දුම්රියපොළ අසල දී යි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 400,000ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් ද සොයා ගැනුණා.

මහර – නුගේගොඩ, රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 වන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.