LPL ක්‍රිකට් වසන්තය අද ඇරඹෙයි

2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තවලියේ පළමු තරගය පසුගියවර ශූරයින් වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් අතර පැවැත්වීමට පැවැත්වෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය ආරම්භ වන්නේ අද (01) පස්වරු 7.00ටයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය ආරම්භ වන්නේ අද (01) පස්වරු තුනටයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනේ දී මෙවර එල්.පී.එල්. තරගාවලියේ තරග පැවැත්වීමට සැකසුම්කර තිබෙනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව සම්පූර්ණ තරග 24ක් පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 21 වන ඉරිදා දිනයේ දීයි.

යම් හේතුවක් මත එදිනට අවසන් මහා තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක් ලෙස 22 වන සඳුදා දිනය වෙන්කර තිබෙනවා.

කණ්ඩායම් පහක් මෙවර තරගාවලියට එක්ව සිටින අතර, එම කණ්ඩායම්වල විදෙස් ක්‍රීඩකයින් බහුතරයක් මේ වනවිටත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54


?