AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් අද (වීඩියෝ)

සිය සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තුආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙසට පසුගිය 25 වනදා අධිකරණ අමාත්‍යවරයා විසින් කථානායකවරයාගේ සිදුකර ඇති ඉල්ලීමට ගතයුතු පියවර පිළිබඳව සකච්ඡා කිරීමට අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වෙනවා.

කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ දී මෙම මහා සභා රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මෙම මහා සභා රැස්වීමට එම සංගමය නියෝජනය කරන දිවයින පුරා සිටින දිස්ත්‍රික් විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් සහභාගිවීමට නියමියි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයක් අතර තුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අධිකරණය පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගම විසින් පසුගිය 24 වනදා විශේෂ නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

අධිකරණ ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අපක්ෂපාතී විනිශ්චකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක කොටස් වශයෙන් තම සංගමය හඳුනාගන්නා බවයි අධිකරණ සේවා සංගමය අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබුණේ.

අධිකරණ සේවා සංගම‌ය වෙනුවෙන් අදාළ නිවේදනයට අත්සන් තැබූ කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක සහ ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කළ අධිකරණ ඇමතිවරයා අදාළ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?