අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් අද (වීඩියෝ)

සිය සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තුආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙසට පසුගිය 25 වනදා අධිකරණ අමාත්‍යවරයා විසින් කථානායකවරයාගේ සිදුකර ඇති ඉල්ලීමට ගතයුතු පියවර පිළිබඳව සකච්ඡා කිරීමට අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වෙනවා.

කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ දී මෙම මහා සභා රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මෙම මහා සභා රැස්වීමට එම සංගමය නියෝජනය කරන දිවයින පුරා සිටින දිස්ත්‍රික් විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් සහභාගිවීමට නියමියි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයක් අතර තුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අධිකරණය පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගම විසින් පසුගිය 24 වනදා විශේෂ නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

අධිකරණ ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අපක්ෂපාතී විනිශ්චකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක කොටස් වශයෙන් තම සංගමය හඳුනාගන්නා බවයි අධිකරණ සේවා සංගමය අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබුණේ.

අධිකරණ සේවා සංගම‌ය වෙනුවෙන් අදාළ නිවේදනයට අත්සන් තැබූ කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක සහ ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කළ අධිකරණ ඇමතිවරයා අදාළ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

  1. අදිකරනයේ නඩුකාරයන් ලෙස විදේශීය විනිසුරුවරුන් පත්කර දේශීය නඩුකාරයන් ඔවුන් යටතේ විනිශ්චයකාරවරුන් ලෙස පුහුනුවක් දිය යුතුයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21