AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට (වීඩියෝ)

බස් ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කළා.

අද (30) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ඒ, අනුව 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 2.00කින් අඩුවනු ඇති.

මේ අතර ඉදිරියේ ඉන්ධන මිලේ අඩුවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිදුනොකරන බවට රජයත් සමඟ වූ එකඟතාවය මත මෙම 5%ක ගාස්තු අඩුවීම සිදුකළ බවයි ලේකම්වරයා වැඩිදුටටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?