AFC Banner
Empty Ad
Empty Ad

බෝතලයක තිබූ ද්‍රාවණයක් බී මහ මුහුද මැද මියගිය ධීවරයින් ගණන තවත් ඉහළට

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ කිසියම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් මියගිය ධීවරයින් සංඛ්‍යාව මේ වනවිට හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ධීවර යාත්‍රාවේ සිටින අනෙක් ධීවර් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ධීවරයින් යළි ගොඩබිම වෙත රැගෙන එම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් අවශ්‍ය ප්‍රතිකාර ද සමඟ විජයබාහු නෞකාවෙන් ඊයේ (29) පස්වරුවේ පිටත්ව ගියා.

පසුගිය 04 වනදා මෙම ධීවරයින් හයදෙනා ඩෙවෝන් 05 නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් අම්බලන්තොට, පල්ලිකකුඩාව, බෙලිඅත්ත, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම ධීවරයින් පිරිසට මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් හමුව ඇති අතර, එහි තිබූ දියරය මත්පැන් යැයි සිතා මොවුන් විසින් පානය කිරීමෙන් පසු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

අනතුරුව මොවුන් විසින් සිදු වූ සිදුවීම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මධ්‍යස්ථානයකට දැනුම්දීම කටයුතු කර තිබුණා.

එම සිද්ධියට මුහුණ දෙන අවස්ථාවේ ඔවුන්ගේ ධීවර යාත්‍රාව දකුණු මුහුදට නාවික සැතපුම් 320ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම සිද්ධිය පිළිබඳව නාවික හමුදාවට තොරතුරු වාර්තා වීමෙන් පසු අදාළ ධීවර යාත්‍රාව ඇති මුහුදු සීමාවට ආසන්නයෙන් ගමන් ගන්නා නාවික යාත්‍රාවලට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට කටයුතු කර තිබුණා.

මේ අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ බහුදින ධීවර යාත්‍රාව දිවයිනට රැගෙන ඒමේ දී එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

මේ අතර අදාළ යාත්‍රාවේ සිටින ධීවරයින්ගේ පවුල්වල ඥාතින් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (29) පස්වරුවේ කතරගම – කොළඹ මාර්ගය පල්ලිකකුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ද පවත්වනු ලැබුවා.

ඒ, එම ධීවරයින් සහ යාත්‍රාව කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එන ලෙස බලකරමින්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
කාටත් හොරා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ශ්‍රි.ල.නිප හාදයෝ #ranilwickremesinghe #slfp
02:46
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක් #anurakumaradissanayake
05:01
Video thumbnail
නිමල් සිරිපාල මාධ්‍යට මුහුණ නොදී - පැනල ගියේ මෙහෙමයි #slpp #election2024
01:14

?