බෝතලයක තිබූ ද්‍රාවණයක් බී මහ මුහුද මැද මියගිය ධීවරයින් ගණන තවත් ඉහළට

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ කිසියම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් මියගිය ධීවරයින් සංඛ්‍යාව මේ වනවිට හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ධීවර යාත්‍රාවේ සිටින අනෙක් ධීවර් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ධීවරයින් යළි ගොඩබිම වෙත රැගෙන එම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් අවශ්‍ය ප්‍රතිකාර ද සමඟ විජයබාහු නෞකාවෙන් ඊයේ (29) පස්වරුවේ පිටත්ව ගියා.

පසුගිය 04 වනදා මෙම ධීවරයින් හයදෙනා ඩෙවෝන් 05 නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් අම්බලන්තොට, පල්ලිකකුඩාව, බෙලිඅත්ත, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම ධීවරයින් පිරිසට මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් හමුව ඇති අතර, එහි තිබූ දියරය මත්පැන් යැයි සිතා මොවුන් විසින් පානය කිරීමෙන් පසු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

අනතුරුව මොවුන් විසින් සිදු වූ සිදුවීම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මධ්‍යස්ථානයකට දැනුම්දීම කටයුතු කර තිබුණා.

එම සිද්ධියට මුහුණ දෙන අවස්ථාවේ ඔවුන්ගේ ධීවර යාත්‍රාව දකුණු මුහුදට නාවික සැතපුම් 320ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම සිද්ධිය පිළිබඳව නාවික හමුදාවට තොරතුරු වාර්තා වීමෙන් පසු අදාළ ධීවර යාත්‍රාව ඇති මුහුදු සීමාවට ආසන්නයෙන් ගමන් ගන්නා නාවික යාත්‍රාවලට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට කටයුතු කර තිබුණා.

මේ අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ බහුදින ධීවර යාත්‍රාව දිවයිනට රැගෙන ඒමේ දී එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

මේ අතර අදාළ යාත්‍රාවේ සිටින ධීවරයින්ගේ පවුල්වල ඥාතින් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (29) පස්වරුවේ කතරගම – කොළඹ මාර්ගය පල්ලිකකුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ද පවත්වනු ලැබුවා.

ඒ, එම ධීවරයින් සහ යාත්‍රාව කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එන ලෙස බලකරමින්.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28