2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් ලෝක රූ රැජින කිරුළ යළි භාරදීමට තීරණය කළ බව සදහන් කළා. ඒ, පසුගිය ඉරිදා විවාහක රූ රැජින තරගයේදී තේරී පත් වූ රූ රැජිනගේ කිරුළ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේයි.
මෙම සිදුවීමට මුල් වුණේ පසුගියදා ලෝක රූ රැජින තරගය සඳහා මෙරට නියෝජනය තෝරා පත්කර ගැනීමට පැවති තරගයේ ඇති වූ සිදුවීමයි.
එහිදී මෙරට 2020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වාගේ සුදුසුකම් සම්බන්ධයෙන් කැරොලයින් ජූරි මෙලෙස ප්‍රකාශයක් සිදුකළා.
එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකාගේ රූ රැජින කිරුළ යළි ඇයටම හිමි වූ අතර කැරොලයින් ජූරි ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා. මෙම සිදුවීම් දෙකටම ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුව තිබූ අතර මේ අද එම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුයි.
කැරොලින් ජූරි සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝව මෙතනින්
ඡාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අයුරු…