අවසන් පූර්ව වටයේ තීරණාත්මක අවසන් තරගය අද රාත්‍රියේ දී

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර යි.

තරගය Providence හි දී අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

එළඹෙන ජුනි මස 29 වැනි දින අවසන් මහා තරගය බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වෙන අතර; අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අනිද්දා දිනයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව මුණගැහෙනු ඇති.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට මූලික වටයේ තරග සේ ම සුපිරි 08 දෙනාගේ තරග වටයෙන් ද එකදු තරගයක් හෝ පරාජයට පත් නොවී අපරාජිත ව ලෝක කුසලාන ගමන් මගේ රැඳී සිටිනවා.

එංගලන්තය මූලික වටයේ තරග 02ක් පරාජයට පත් ව; සුපිරි 08 වටයේ පැවති තරග 03න් දෙකක් ජයගෙන සිටිනවා.

එබැවින් ඉන්දීය කණ්ඩායමේ අපරාජිත මානසික මට්‍ටම ඇතැම් විට එංගලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දිය හැකි බවයි ඇතැම් ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

අද තරගයේ නායකත්වය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ත් එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් ත් විසින් මෙහෙයවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27