logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අනියම් පෙමකට හොල්මන් මන්දිරයක් තුළ ගුටි කෙළියක්

කාන්තාවක් සිය අනියම් පෙම්වතා සමඟ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් සිටිය දී නීත්‍යානුකූල සැමියාට හසුවීමත් සමඟ ඇති වූ ගැටුමක් පිළිබඳ පුවතක් කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ තරුණ කාන්තාව සිය අනියම් පෙම්වතා ඇතුළු තවත් තරුණයින් පිරිසක් සමඟ පසුගිය 23 වනදා නවගමුව ප්‍රදේශයේ ඉදිකර තිබූ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී හොල්මන් මන්දිරයේ මිනී පෙට්ටියේ මළ මිනියක් ලෙස වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇයව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මළ මිනියක් ලෙස මිනී පෙට්ටියේ වැතිර සිටි සැමියා ඉන් නැඟිට තම විවාහක බිරිඳට පහරදීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණ කාන්තාව සමඟ හොල්මන් මන්දිරය නැරඹීමට පැමිණි ඇයගේ අනියම් පෙම්වතා ඇතුළු පිරිස සහ හොල්මන් මන්දිරයේ සංවිධායකයින් අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එහිදී ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ බව කියන අදාළ තරුණ කාන්තාව සහ හොල්මන් මන්දිරයේ මළ මිනියක් ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට ඔවුන් වෙන්ව ජීවත්වන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
11
+1
193
+1
4
+1
5
+1
8
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?