අනියම් පෙමකට හොල්මන් මන්දිරයක් තුළ ගුටි කෙළියක්

කාන්තාවක් සිය අනියම් පෙම්වතා සමඟ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් සිටිය දී නීත්‍යානුකූල සැමියාට හසුවීමත් සමඟ ඇති වූ ගැටුමක් පිළිබඳ පුවතක් කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ තරුණ කාන්තාව සිය අනියම් පෙම්වතා ඇතුළු තවත් තරුණයින් පිරිසක් සමඟ පසුගිය 23 වනදා නවගමුව ප්‍රදේශයේ ඉදිකර තිබූ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී හොල්මන් මන්දිරයේ මිනී පෙට්ටියේ මළ මිනියක් ලෙස වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇයව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මළ මිනියක් ලෙස මිනී පෙට්ටියේ වැතිර සිටි සැමියා ඉන් නැඟිට තම විවාහක බිරිඳට පහරදීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණ කාන්තාව සමඟ හොල්මන් මන්දිරය නැරඹීමට පැමිණි ඇයගේ අනියම් පෙම්වතා ඇතුළු පිරිස සහ හොල්මන් මන්දිරයේ සංවිධායකයින් අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එහිදී ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ බව කියන අදාළ තරුණ කාන්තාව සහ හොල්මන් මන්දිරයේ මළ මිනියක් ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට ඔවුන් වෙන්ව ජීවත්වන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

  1. දෙපාර්ෂවයක් අත්අඩංගුවට ගත්තෙ නෑ වැරැද්දක් නොකරපු අය විතරයි අත්අඩංගුවට ගත්තේ බලයට නීතිය නැමුනා අන්තිමට.. 😡😡



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56