පොහොට්ටුවේ කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමු⁣ණේ සමස්ත ලංකා කාරක සභාව සහ පක්ෂ දේශපාලන මණ්ඩලය අද (24) පෙරවරුවේ රැස් වී තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාමේ පිහිටි ඔහුගේ නිවසේ දී පොදුජන පෙරමු⁣ණේ සමස්ත ලංකා කාරක සභාව සහ පක්ෂ දේශපාලන මණ්ඩලය මෙලෙස රැස් වී ඇති බවයි වාර්තා වුණේ.