රුසියාවේ ඩැගෙස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ප්‍රදේශයේ දේවස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (23) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් හත්දෙනෙක් පොලිස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මියගිය පිරිස අතර , පූජකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙක් ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

මේ අතර ප්‍රහාරය සඳහා පැමිණි ප්‍රහාරකයින්ගෙන් 06 දෙනෙකු ද පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරකයින් සොයා රුසියානු පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරකයන් තවමත් හඳුනාගෙන නොමැති අතර, මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් බවටයි සැකපළ කරන්නේ.

ඩැගෙස්තානය සැළකෙන්නේ අතීතයේ දීත් ඉස්ලාම්වාදී ප්‍රහාර එල්ල වූ ස්ථානයක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33