අසල්වාසී රටවල් දෙකක් සුපිරි 08න් රෑ 08ට අද පිටියට

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනා අතර පැවැත්වෙන තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර යි.

මේ වනවිට සුපිරි 08 දෙනාගේ තරග වටයේ මෙම කණ්ඩායම් දෙක ම එක් තරගය බැගින් මුහුණ දී තිබෙනවා.

ඉන්දියාව සුපිරි 08 දී මුහුණ දුන් තරගය ලකුණු 47කින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ජය ගත්තා.

ඔස්ට්‍රෙලියාව සමග පැවති පළමු සුපිරි 08 වටයේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 28කින් පරාජයට පත් වුණා.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට මූලික වටයේ සිට සුපිරි 08 වටය දක්වා කිසිදු තරගයක් අපරාජිත ව ශක්තිමත් ව තරගාවලියේ රැඳී සිටිනවා.

එබැවින් සුපිරි 08 වටයෙන් තවදුරටත් ඉදිරියට යාමට බංග්ලාදේශය සිහින දකින්නේ නම්; අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අතිශය තීරණාත්මක සාධකයක් නිර්මාණය කරනු ඇති.

අද තරගය රාත්‍රී 08ට North Sound හි දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?