අසල්වාසී රටවල් දෙකක් සුපිරි 08න් රෑ 08ට අද පිටියට

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනා අතර පැවැත්වෙන තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර යි.

මේ වනවිට සුපිරි 08 දෙනාගේ තරග වටයේ මෙම කණ්ඩායම් දෙක ම එක් තරගය බැගින් මුහුණ දී තිබෙනවා.

ඉන්දියාව සුපිරි 08 දී මුහුණ දුන් තරගය ලකුණු 47කින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ජය ගත්තා.

ඔස්ට්‍රෙලියාව සමග පැවති පළමු සුපිරි 08 වටයේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 28කින් පරාජයට පත් වුණා.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට මූලික වටයේ සිට සුපිරි 08 වටය දක්වා කිසිදු තරගයක් අපරාජිත ව ශක්තිමත් ව තරගාවලියේ රැඳී සිටිනවා.

එබැවින් සුපිරි 08 වටයෙන් තවදුරටත් ඉදිරියට යාමට බංග්ලාදේශය සිහින දකින්නේ නම්; අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අතිශය තීරණාත්මක සාධකයක් නිර්මාණය කරනු ඇති.

අද තරගය රාත්‍රී 08ට North Sound හි දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27