logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඩක්වත් ලුවිස් න්‍යායයෙන් කැන්ගරුවන්ට ජය

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව අද (21) පැවති තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එම තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තේ ලකුණු 28කින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් රැස්කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 100ක් රැස්කළා.

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයක කඩුලු ත්‍රිත්ත්වයක් වාර්තා කළ ලොව 7 වැනි ක්‍රීඩකයා බවට පත් වන්නට ද මෙම තරගයේ දී ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් සමත් වුණා.

ඒ බංග්ලාදේශයේ කඩුලු 03ක් එකවර තමන්ගේ නමින් ලියා ගනිමින්.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය ද පැට් කමින්ස් විසින් දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?