logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වෘත්තීය පුහුණුව තුළ නවෝත්පාදන සිදුකර වෙළෙඳපොළට යැවිය යුතුයි – අධ්‍යාපන ඇමති

වෘත්තීය පුහුණුව තුළින් නවෝත්පාදන සිදු කර එම නිර්මාණ වෙළෙඳපොළට ගෙන යා යුතු මාර්ගය සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

එම මාර්ගය සැකසීමේ දී ගැහැනු – පිරිමි භේදයකින් තොරව අවස්ථාවන් ලබා දිය යුතු බවත්; ඊට හේතුව තාක්ෂණවේදය විෂයට දෙපාර්ශ්වයේ ම දැඩි උනන්දුවක් මේ වනවිට නිර්මාණය වී තිබීම බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ‘සිලෝන් විමෙන් සංවිධානය’ ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු වුණා.

මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ට්‍රෙලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් දඑක් වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-03 | Dasatha News
00:00
Video thumbnail
දයාසිරි අයින්කළ මෛත්‍රී පාර්ශ්වය දැන් කියන කතාව #maithreepalasirisena #dayasirijayasekara
01:41
Video thumbnail
"රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න සූදානම්" - අනුර #anurakumara #anurakumaraspeeches #AKD #npp
05:32
Video thumbnail
"අපි තමයි වැඩිම ආණ්ඩු කරලා තියෙන්නේ" #slfp #slpolitics
04:09
Video thumbnail
සම්පන්දන් අවසන් වරට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාව #Rsampandan #parliament
01:31
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
හදිසියේම G.L. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - "ජනපතිගේ නිල කාලයට වෙන්න යන දේ" #ranilwickremesinghe
05:44
Video thumbnail
හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිගෙන් සැර අවවාදයක් #ranilwickremesinghe #PMD
08:25
Video thumbnail
පාරිභෝගික අධිකාරියට ජනතාව කළ චෝදනාව - "අපි මේවට දැඩි පියවර ගන්නවා" #Consumer_Authority
03:00
Video thumbnail
නාමල් මහා සෙනඟක් අරගෙන කොටුවට #jvp #Namal
01:04

?