මියගිය හිටපු අමාත්‍ය රංජිත් සොයිසා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුව අත්හිටුවන්න – උසාවිය දන්වයි

2000 වසරේ මහ මැතිවරණය පැවති සමයේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ දී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට (20) මියගොස් සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍ය රංජිත් සොයිසා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක විභාගය වහාම අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (19) අතුරු නියෝගයක් නිකුත් කළා.

එම නඩුවේ විත්තිකරුවන් පිරිසක් විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අධි චෝදනා පත්‍ර ගොනු කළ බවත් ඉන්පසුව එය ඉවත් කරගත් බවත් දන්වා සිටියා.

පසුව 2019 වසරේ යළි නඩු පැවරීමට කටයුතු කෙරුණු බව ද නීතිඥවරයා කියා සිටියා.

ඒ අනුව අදාළ නඩුව රත්නපුර මහාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේ දී එය මුල් අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් විට ඊට අදාළ ලේඛන හා කට උත්තර විනාශ කොට ඇති නිසා ඒවා නොමැතිව යළි නඩු පැවරීම නීතියට පටහැනි බවට විත්තියේ නීතිඥවරු විසින් මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයක් පවත්වා ගෙන යාමට විනිසුරුවරිය තීන්දු කළ බව ද නීතීඥ හෆීල් ෆාරිස් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරියගේ එම තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48