මාරාන්තික ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් හෙවත් ‘මස් කන බැක්ටීරියාව’ ලෙස හඳුන්වන රෝග ආසාදිතයින් මෙම වසරේ මේ දක්වා 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා.
මාංශපේෂී දිය කරන නැතහොත් මස් කා දමන බැක්ටීරියාව ජපානය තුළ පැතිරීම පසුගිය වසරේ සිට වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපානයේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසන්නේ පසුගිය වසර තුළ දී පමණක් මෙම රෝගීන් 941ක් වාර්තා වී ඇති බවයි.
මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිර යන අතර,අනතුරුව එය රුධිරයට එකතුවීමක් සිදුවනවා.
පසුව බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින අතර, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟ සීතල කිරීම, මස්පිඬු වේදනාව, කැරකිල්ල, ඔක්කාරය සහ වමනය යන මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
පැය 24ත් 48ත් අතර කාලය තුළ, එය අඩු රුධිර පීඩනය, ඉන්ද්‍රයන් අකර්මන්‍ය වීම, වේගවත් හෘද ස්පන්දන සහ වේගවත් හුස්ම ගැනීමට ආදී රෝග ලක්ෂය ද පෙන්නුම්කරන අතර මරණ සම්භාවිතාව සියයට 30ක් බවයි ජපන් වෛද්‍යවරු පවසන්නේ.
විශේෂයෙන්ම මෙය වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට නරක අතට හැරිය හැකි බවයි එම වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරනේ.
එමෙන්ම දරුණු අවස්ථාවල දී, ආසාදිත පටක ඉවත් කිරීමට සහ තවත් ගැටළු වළක්වා ගැනීමට ශල්‍යකර්මය පවා සිදුකළ යුතු වනවා.
මෙම බැක්ටීරියා පැතිරීම වළක්වා ගැනීම සඳහා නිතිපතා අත් සේදීම සහ කැස්ස සහ කිවිසුම් යන විට මුඛය වසා ගැනීම වැනි යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිපැදිය යුතු වනවා.
එමෙන්ම තුවාල සඳහා නිසි සැළකිල්ලක් දැක්වීම සහ ආසාදන ලක්ෂණ ඇතහොත් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.














මේවා කවුරැන් හෝ විසින් සැකසු ඒවා යයි නොසිතේ.සසර පුරා අප ගෙන ආ අකුසලයන් හේතුවෙන් ආදෘනව ලෙස විඳවීම වෙනුවෙන් නෙලාගත් ඵලයන්වේ..සසරේ බියකරැබව දකින්න.අනුන පරයා අදැහමින් යන මග නවතින්න. අප්‍රමාදීව කුසලයම වඩමු.අප සැමට නිසැක මරණය ලෝ ධර්සමතාව ලෙස දැක සතුටු සිතින් කුසලයේම යෙදෙමු. සාදු..👃
Bull shit
මෙවැනි වැදගත් පුවත් පලකිරිම සම්බන්ධයෙන් හදවතින්ම ස්තුතියි
1990 දශකයේ තිරගත වුනු x files ටෙලි කතා මාලාවෙ තිබුන ඔය බැක්ටීරියාව ගැන. කොවිඩ් ගැනත් තිබුන මට මතක විදියට ඔය සේරම දේවල් මිනිසා විසින්ම මිනිසා නසන්න හදපු රෝග කාරකයන් තමා..