මස් කන බැක්ටීරියාව ජපානයේ පැතිරීම වේගවත් වෙයි

මාරාන්තික ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් හෙවත් ‘මස් කන බැක්ටීරියාව’ ලෙස හඳුන්වන රෝග ආසාදිතයින් මෙම වසරේ මේ දක්වා 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා.

මාංශපේෂී දිය කරන නැතහොත් මස් කා දමන බැක්ටීරියාව ජපානය තුළ පැතිරීම පසුගිය වසරේ සිට වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසන්නේ පසුගිය වසර තුළ දී පමණක් මෙම රෝගීන් 941ක් වාර්තා වී ඇති බවයි.

මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිර යන අතර,අනතුරුව එය රුධිරයට එකතුවීමක් සිදුවනවා.

පසුව බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින අතර, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟ සීතල කිරීම, මස්පිඬු වේදනාව, කැරකිල්ල, ඔක්කාරය සහ වමනය යන මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

පැය 24ත් 48ත් අතර කාලය තුළ, එය අඩු රුධිර පීඩනය, ඉන්ද්‍රයන් අකර්මන්‍ය වීම, වේගවත් හෘද ස්පන්දන සහ වේගවත් හුස්ම ගැනීමට ආදී රෝග ලක්ෂය ද පෙන්නුම්කරන අතර මරණ සම්භාවිතාව සියයට 30ක් බවයි ජපන් වෛද්‍යවරු පවසන්නේ.

විශේෂයෙන්ම මෙය වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට නරක අතට හැරිය හැකි බවයි එම වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරනේ.

එමෙන්ම දරුණු අවස්ථාවල දී, ආසාදිත පටක ඉවත් කිරීමට සහ තවත් ගැටළු වළක්වා ගැනීමට ශල්‍යකර්මය පවා සිදුකළ යුතු වනවා.

මෙම බැක්ටීරියා පැතිරීම වළක්වා ගැනීම සඳහා නිතිපතා අත් සේදීම සහ කැස්ස සහ කිවිසුම් යන විට මුඛය වසා ගැනීම වැනි යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිපැදිය යුතු වනවා.

එමෙන්ම තුවාල සඳහා නිසි සැළකිල්ලක් දැක්වීම සහ ආසාදන ලක්ෂණ ඇතහොත් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

  1. මේවා කවුරැන් හෝ විසින් සැකසු ඒවා යයි නොසිතේ.සසර පුරා අප ගෙන ආ අකුසලයන් හේතුවෙන් ආදෘනව ලෙස විඳවීම වෙනුවෙන් නෙලාගත් ඵලයන්වේ..සසරේ බියකරැබව දකින්න.අනුන පරයා අදැහමින් යන මග නවතින්න. අප්‍රමාදීව කුසලයම වඩමු.අප සැමට නිසැක මරණය ලෝ ධර්සමතාව ලෙස දැක සතුටු සිතින් කුසලයේම යෙදෙමු. සාදු..👃

  2. 1990 දශකයේ තිරගත වුනු x files ටෙලි කතා මාලාවෙ තිබුන ඔය බැක්ටීරියාව ගැන. කොවිඩ් ගැනත් තිබුන මට මතක විදියට ඔය සේරම දේවල් මිනිසා විසින්ම මිනිසා නසන්න හදපු රෝග කාරකයන් තමා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33