AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාව විවාහ දිවියට එළැඹෙයි

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් විවාහ දිවියට එළැඹ තිබෙනවා.

ඇය අද (17) දිනයේ දී විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1978 දෙසැම්බර් මස 30 වැනි දින සිවලිංගම් ‍යාපනය දිස්ත්‍රික්කයේ දී උපත ලබනවා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ තර්ජනී සිවලිංගම් යනු මෙරට ජාතික දැල් පන්දු කණ්ඩායමේ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද ශ්‍රී ලංකාවේ නම ක්‍රීඩාවෙන් ඉහළින් ම රඳවන්නට සමත් වූ ක්‍රීඩිකාවක්.

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන තර්ජනී උසින් මීටර් 2.06ක්.

පසුගිය වසරේ අගෝස්තු මස 10 වැනි දින තර්ජනී සිවලිංගම් නිල වශයෙන් ක්‍රීඩා දිවියට සමුදුන් අතර, ඇය මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ද වනවා.

එපමණක් ම නොව, ඇය කණ්ඩායමේ වේගපන්දු විදින්නිය ලෙසයි ක්‍රීඩා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
0
+1
11
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?