ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාව විවාහ දිවියට එළැඹෙයි

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් විවාහ දිවියට එළැඹ තිබෙනවා.

ඇය අද (17) දිනයේ දී විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1978 දෙසැම්බර් මස 30 වැනි දින සිවලිංගම් ‍යාපනය දිස්ත්‍රික්කයේ දී උපත ලබනවා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ තර්ජනී සිවලිංගම් යනු මෙරට ජාතික දැල් පන්දු කණ්ඩායමේ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද ශ්‍රී ලංකාවේ නම ක්‍රීඩාවෙන් ඉහළින් ම රඳවන්නට සමත් වූ ක්‍රීඩිකාවක්.

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන තර්ජනී උසින් මීටර් 2.06ක්.

පසුගිය වසරේ අගෝස්තු මස 10 වැනි දින තර්ජනී සිවලිංගම් නිල වශයෙන් ක්‍රීඩා දිවියට සමුදුන් අතර, ඇය මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ද වනවා.

එපමණක් ම නොව, ඇය කණ්ඩායමේ වේගපන්දු විදින්නිය ලෙසයි ක්‍රීඩා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
0
+1
11
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51