AFC Banner
Empty Ad
Empty Ad

මෝදිගෙන් පාප් වහන්සේට ඇරයුමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියේ කළ සංචාරයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබෙනවා.

“G7 සමුළුවට සමගාමී ව ෆ්රැන්සිස් පාප්තුමා හමුවිය. මිනිසුන්ට සේවය කිරීමට සහ අපේ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට ඔහුගේ කැපවීම මම අගය කරමි. ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඔහුට ආරාධනා කළේය ” අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X සටහනක් තබමින් පැවසුවා.

මෝදි 2021 දී වතිකානුවේ දී මෝදි සහ පාප්වහන්සේ අතර හමුවක් සිදු වූ අතර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය බිහාරි වජ්පායිගෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු සහ පාප්වහන්සේ කෙනෙකු අතර පළමු හමුවීම එයයි.

G7 සමුළුවේ සිය දේශනයේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කෘත්‍රීම බුද්ධිය වැනි තාක්ෂණික දියුණව හේතුවෙන් මිනිස් සබඳතා හුදු ඇල්ගොරිදම් බවට පත්වීමේ අවධානම පිළිබඳ අනතුරු ඇඟවූවා.

ඔහු ප්‍රබල ආර්ථිකයන් හිමි රටවල රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටියේ තාක්ෂණය වැඩිදියුණු කිරීමේ දී මානව ගරුත්වය හැමවිටම ප්‍රමුඛ ස්ථානයේ තබා ගන්නා ලෙසයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුව අතරතුර එක්සත් රාජධානියේ රිෂී සූනක්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ යුක්රේනයේ ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි වැනි රාජ්‍ය නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා.

ඉතාලි අගමැති ජෝජියා මෙලෝනිගේ ආරාධනයෙන් අගමැති මෝදි G7 සමුළුවට සහභාගී වූ අතර තෙවන පදවි ප්‍රාප්තියෙන් පසු කළ පළමු විදේශ සංචාරය ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?