මෝදිගෙන් පාප් වහන්සේට ඇරයුමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියේ කළ සංචාරයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබෙනවා.

“G7 සමුළුවට සමගාමී ව ෆ්රැන්සිස් පාප්තුමා හමුවිය. මිනිසුන්ට සේවය කිරීමට සහ අපේ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට ඔහුගේ කැපවීම මම අගය කරමි. ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඔහුට ආරාධනා කළේය ” අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X සටහනක් තබමින් පැවසුවා.

මෝදි 2021 දී වතිකානුවේ දී මෝදි සහ පාප්වහන්සේ අතර හමුවක් සිදු වූ අතර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය බිහාරි වජ්පායිගෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු සහ පාප්වහන්සේ කෙනෙකු අතර පළමු හමුවීම එයයි.

G7 සමුළුවේ සිය දේශනයේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කෘත්‍රීම බුද්ධිය වැනි තාක්ෂණික දියුණව හේතුවෙන් මිනිස් සබඳතා හුදු ඇල්ගොරිදම් බවට පත්වීමේ අවධානම පිළිබඳ අනතුරු ඇඟවූවා.

ඔහු ප්‍රබල ආර්ථිකයන් හිමි රටවල රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටියේ තාක්ෂණය වැඩිදියුණු කිරීමේ දී මානව ගරුත්වය හැමවිටම ප්‍රමුඛ ස්ථානයේ තබා ගන්නා ලෙසයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුව අතරතුර එක්සත් රාජධානියේ රිෂී සූනක්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ යුක්රේනයේ ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි වැනි රාජ්‍ය නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා.

ඉතාලි අගමැති ජෝජියා මෙලෝනිගේ ආරාධනයෙන් අගමැති මෝදි G7 සමුළුවට සහභාගී වූ අතර තෙවන පදවි ප්‍රාප්තියෙන් පසු කළ පළමු විදේශ සංචාරය ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17