AFC Banner
Empty Ad
Empty Ad

Update – මහරගම, හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අද මධ්‍යම රාත්‍රිය වනවිට

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන නළයේ සිදු වූ හානිය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබාදිය හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අධික වේගයෙන් පැමිණ මෝටර් රථයක් අද (17) අලුයම මාර්ගයේ පිටතට ධාවනය වී ජල නළයේ ගැටීමෙන් ඊට හානි සිදුව තිබුණා.

මේ හේතුවෙන් ජලය අපතේ යාම වැළැක්වීම සහ හානියට පත් නළය පිළිසකර කිරීම සඳහා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කළා.

මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, කොට්ටාව පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ සහ මහරගම යන ප්‍රදේශවල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුම මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

හානියට පත් වූ ජල නළය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?