Update – මහරගම, හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අද මධ්‍යම රාත්‍රිය වනවිට

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන නළයේ සිදු වූ හානිය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබාදිය හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අධික වේගයෙන් පැමිණ මෝටර් රථයක් අද (17) අලුයම මාර්ගයේ පිටතට ධාවනය වී ජල නළයේ ගැටීමෙන් ඊට හානි සිදුව තිබුණා.

මේ හේතුවෙන් ජලය අපතේ යාම වැළැක්වීම සහ හානියට පත් නළය පිළිසකර කිරීම සඳහා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කළා.

මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, කොට්ටාව පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ සහ මහරගම යන ප්‍රදේශවල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුම මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

හානියට පත් වූ ජල නළය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27