AFC Banner
Empty Ad
Empty Ad

මාස 11ක බිළිඳියකට මරු කැඳවූ පොල් ගෙඩිය

මාස 11ක දැරියකගේ හිසට මතට පොල් ගෙඩියක් වැටීමෙන් සිදු වූ අනතුරකින් එම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගලහා ප්‍රදේශයේ වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලහා, දෙල්තොට, නාරන්හින්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමැති දැරියක්.

දැරියගේ පියා විසින් ඇය රැගෙන අසල්වැසි නිවසකට ගොස් යළි එමින් සිටිය දී එම නිවස ඉදිරිපිට තිබූ පොල් ගසක වේළුණු පොල් ගෙඩියක් දැරියගේ හිස මතට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වහාම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, අයගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
49
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?