විසඳුම් නොලැබුණහොත් අපිත් වර්ජනයට සහාය දෙනවා – දුම්රිය පාලකවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්; තමන් ද වැඩ වර්ජනයට පූර්ණ සහාය දක්වන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

මේ වනවිට (14) දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා සමග දුම්රිය ස්ථානාධිපති සංගමය විශේෂ සාකච්ඡාවක් ද පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

හදිසියේ හෝ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙම සාකච්ඡාවෙන් පසු ව නිසි විසඳුම් නොලැබුණහොත් සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිත ව දැනුවත් කරන බව ද දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසනවා.

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ තීරණය කළා.

ඔවුන් පවසන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (14) පස්වරු 2.00ට පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ එකම සේවා ගණයට අයත්ව සිටි ශ්‍රේණිවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය පමණක් සිතාමතාම මගහැර සෙසු ශ්‍රේණි සඳහා වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිරවුල් කරගැනීම සඳහා අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග සාකච්ඡා කළ ද එහිදී ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

WhatsApp Image 2024 06 14 at 14.41.47 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04