AFC Banner
Empty Ad
Empty Ad

ඇමති විජේදාසට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවත් විනිසුරුවරිය සඳහන් කළා.

එහිදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් ඉන් අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගි වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවට අදාළ උත්තර හා විරෝධතා ගොනු කිරීමට ජූලි මස 18 වනදා දක්වා කල් දුන් අතර වාරණ නියෝගය ජූනි මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?